ලංකාවෙ අපි ගොඩක් දෙනෙක් Race පදින, ඒත් අපි හරි හැටි නොදන්න Race Track එක.
ජීවිතය නැමති වාහනය තමයි අපි මේ Race Track එකේ පදින්නෙ. ඉතිං අපේ වාහනේ එක පාරම අපිට ප්‍රධාන Track එකට දාන්න බෑ.
මුලින්ම ඉපදුන දවසෙ ඉදං අවුරුදු 4 වෙනකං මේ Track එක පෙනෙන්නෙ වත් නැති මානයේ ඉදගෙන කකුල් දෙකෙන් වැඩකරන සෙල්ලම් කාර් තමයි අපි පදිනනේ. පසුව අවුරුදු 5 වෙනකොට මේකට මොනටිසෝරි කියන පොඩි එන්ජිම හයි කරනව. අවුරුද්දක් විතර ඒක පැදල, modify සහ repair පාරක් එහෙම දාල ඉස්කෝලෙට එනව. ඉස්කොලෙ 5 වසර ශිෂ්‍යත්වයට වෙනකං ඔය වාහනේම තමයි හද හද පදින්නෙ. මග හිටියොත් මෙව්පියො ඒ වාහනේ කරේ තියාගෙන හරි අදාළ track එකේ අරගෙන යනව. මේ විදියට ටික ටික ලොකු Track එක පේන මානයට ලංවෙනවා.
ඔන්න අර පරණ සෙල්ලම් වාහනේ අයින් කරල දාල ඊළගට පදින්නෙ ඇත්ත වාහනයක් වගේම හදපු බොරු වාහනයක්. හැබැයි දැන් පදින Track එකත් ඒ වගේම එකක්. මේ Track එක තමයි practice track එක. ගොඩක් දුරට අපිත් සමග ගුරුවරු උපදේශකවරු ඉන්නව නිවැරැදිව මග පෙන්වන්න මේ practice track එක තුලදී. මේ වාහනෙත් shape එකේ modify සහ repair කර කර 11 වසරට වෙනකං පදිනවා. මේ වෙනකොට අපිත් එක්ක කරට කර තරග කරන්න වෙනත් තරගකරුවනුත් බිහිමෙින් සිටිනවා. හැමෝම බලන්නෙ තමන්ගෙ වාහනේ performance වැඩි කරගෙන ඉස්සරහටම යන්න. ඒ අතර තවත් සමහරු වාහනේට සවිකර ගන්නෙම ගැජට් කෑලි විතරයි. ඒ වගේ වාහන පිටින් ලස්සන වුනාට එන්ජිම එහෙම ගන්න දෙයක් නෑ.
ඊළගට මේ පැදපු කාර් එකට හයි කරනව Turbo Jet එන්ජිමක්. මොකද දැං AL කියන race එක තමයි පදින්න යන්නෙ. මේක පදින්නෙත් practice track එකේ වුනත් මේකෙදි පස්සෙන් ඇවිල්ල කියල දෙන්න කවුරුවත් නෑ. තමන්ම තනියෙන් මහන්සි වෙලා තමයි මේ race එක යන්න ඕන. දැන් තමයි අපි ඇත්තටම Race එක්ක පදින්න පටාං ගන්නෙ. මේ අතර සමහරු උත්සාහ කරනව තමාගෙ වාහනේ ඉස්සරහ ශීට් එකට එකේක අය නග්ග ගන්නත්. ඒ අය වෙන පාරවල් වල ගමන්කරල පොලීසියෙ traffic එකෙන් අලල්පු අවස්ථා ඕනැ තරම් අපි දැක තිබෙනව. ඒත් සමහරු හොර පාරවල් වලින් දදා ගිහින් බේරිලත් ඉදල තියෙනව. මේ අතර තවත් සමහරැ දෙකම Balance එකෙත් කර ගන්නවා. මොනව කරත් නියම කාලෙට ආවහම මේ Track එකෙන් අයින් වෙන්න ඕන. මොකද තවත් කට්ටියක් බලාගෙන ඉන්නව අපි පැද්දා වගේම මේ Race එක පදින්න.
දැන් නම් යම් තාක් දුරට හොද පුහුණුවක් ලබල තියෙනවනේ. දැං ලයිසන් එහෙම අරගෙන. අලුත්ම අලුත් සුපිරම වර්ගයේ වාහනයක් ගන්නවා. නිකන් ලැම්බොගිනියක් වගේ. මහා බලාපොරොත්තු ගොන්නකුත් සමග ගත්ත මෙම වාහනේ අපි කැමති අපිට සුදුසුයි කියල හිතෙන Track එකකට දාගන්න අපි දැන ගන්න ඕන. මොකද දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග යන්ට වෙන හින්දා. මොකද දැං අපි අර ප්‍රධාන Racing Track එකට ඇතුල් වෙලා Race පැදීම ආරම්භ කරන්න හදන්නේ. ඉතිං මේකෙදි තරග වට ගොඩක් තියෙනව. අපි බලමු ඒ මොනවද කියලා.
ඉතිං මුලින්ම මේ අතර සමහර අය අර වාහනේ නැගල විශ්වවිද්‍යාලය කියන Race එකේ යනවා. මේ අතර බෝට්ටුවලිනුත් ටිකදෙනෙක් ඒකට පැන ගන්නවා. එහෙම නැත්නම් වෙනත් උසස් අධ්‍යාපන ආයතනයකට යනවා. මේ අතර තවත් අය කෙලින්ම රස්සාව කියන Race එකටත් යනවා.
ඉතිං අර විදියට බෙදිල උසස් අධ්‍යාපනය හැදෑරීම කියන Race එකට ගිහිපු අයත් රස්සසාව කියන Race එකට එනව අවුරුදු කීපයකට පස්සේ. දැන් කට්ටියම එකම තරග වටයකට අවතීර්ණ වෙනවා.
මෙච්චර දවසක් අපි ගොඩක් දෙනෙක්, පැදපු වාහනවලට තෙල් ගැහුවෙ දෙමව්පියො දීපු සල්ලි වලින්. තමන්ගෙ කියල සල්ලි ටිකකින් තෙල් ගහගෙන වාහන පදින්න පටාං ගන්නෙ දැන් තමයි. ලැම්බොගිනි වගේ වාහන වලට යන තෙල් වියදම සැර නිසා දැං ගන්නව හොදට තෙල් වැඩ කරන Professional වාහනයක්.
දැං හිටං පොඩි ලෝබ කමකුත් එක්ක අනාගතය වෙනුවෙන් මුදල් සහ දේපල එකතු කිරීමටත් නිරායාසයෙන් පෙළබෙනවා.
දැන් නම් වාහනේ තනියෙන් ගිහිපු කාලේ ඉවරයි. අර සැරින් සැරේ ගෙදරටත් හොරා වාහනේ නග්ග ගෙන ගිහිපු එක්කෙනා දැං ස්ථිර වශයෙන්ම වාහනේට නග්ග ගන්නව. ඉතිං මේ විදියට විවාහය කියන Race එකට දෙදෙනාම එක්වෙනවා. මීලගට තවත් පිරිසක් තමන්ගෙ වාහනේට ගොඩ වෙනවා, ඒ තමයි තමන්ගෙ දරුවෝ.
දැන් මේ පවුල කියන්නෙ නිකන්ම නිකන් රෝද 4 වාහනයක් නම් නෙවෙයි. මේක මහා රුවල් නැවක් බවට පරිවර්තනය වෙලා තමයි දැන් ගමන් කරන්නේ. මේ දැං පටාං ගන්න යන Race එක නම් හරිම අමාරුයි, මොකද තමන්ට පැවරී ඇති වගකීම සහ රාජකාරි බොහෝම බැරෑරුම් වගේම අවධානම්. තමන්ට වටිනා ජීවිත ගොඩක් මේ Race එකේදි තමන් සමග ගමන් කරනවා, මේ ගමන් කරනාවූ Race එක අතර මගදී මහා කුණාටු, ගල්පර, මංකොල්ල කරුවන් ගෙන් තම නැව ආරක්ෂා කරගෙන නිවරදි ගමන් මගම පදවාගෙන යාමට සිදුවෙනවා.
තමන්ගෙ දරුවනුත් සුපුරුදු පරිදිම අදාළ Race වලට යොමු කරමින්. ඔවුන්ද රස්සාව සහ විවාහය නැමති Race ටිකත් දිනපුවහම තමන් මෙච්චර කල් ආරක්ෂාකාරීව පදවාගෙන ආ රුවල් නැව නිසල සයුරේ හෝ තොටුපලක ගුරම්දමා අර අන්තිමට ගත්ත දැන් ටිකක් පරණ වී ඇති, නමුත් හොදට තෙල් වැඩ කරන Professional වාහනේ රෝද ගෙවනෙකං පිං දහම් රැස්කිරීම නැමති Race එක පදින්න ගන්නවා.
දැන්නම් වාහනේ ගොඩක්ම පරණයි. වෙලාවකට break down වුනාම හදාගන්න මාර මහන්සියක් දෙන්නත් ඕන. ඒකට දරුවන්ගෙනුත් උදව් ගන්න ඕන. අන්තිමට බැරිම තැන වාහනේ කොට උඩ දාල දිරල යනකන් තියෙන්න අරිනව.
අපේ ජීවිතෙත් අන්තිමට මේ වාහනෙත් එක්කම ඉවර වෙලා යනවා.
ඒ පැදපු හැම Race එකකම cup එක අපි අපිටමයි දී ගත්තෙ. අන්න එයයි මේ තරගයේ විශෙෂත්වය.
වෙනත් රට වල ඒ අයට ආවේනික විදියට තමයි ඒ අය මේ Race එකම පදින්නේ. නමුත් ලංකාවේ අපි අද වෙන කොට මම මේ කියපු විදියට තමයි ඒ රේස් එක පදින්නේ.
ඔබ සැමට ජයෙන් ජයම වේවා...........
$®¡ Lanka
Sign up here with your email

ConversionConversion EmoticonEmoticon