ඔබ ඔබගෙන්ම අසා ඔබටම පිළිතුරු සපයා ගත යුතු ප්‍රශ්න.

ආමාරුවෙන් හරි මේක කියවන්න.
ඔබ ඔබගෙන්ම අසා ඔබටම පිළිතුරු සපයා ගත යුතු ප්‍රශ්න.


1. මම අනිත් අයට වැඩක් නැද්ද?
ඔව් වැඩක් නැතිවෙන්න පුලුවන්. අඩුම ගානෙ බල්ලෙක්වත් මාව ගණන් ගන්නෙ නැති වෙන්න පුලුවන්. ඒත් ඕන කෙනක් උදව්ක් ඉල්ලන ඕන වෙලාවක බොක්කෙන්ම උදව් කරන්නවා.
2. මම කියල කෙනෙක් මේ ලෝකෙ හිටියෙ නැත්නමි?
කාටවත් ඒ අඩුව දැනෙන්නෙ නෑ. අඩුම තරමෙ දෙමවිපියන්ටවත්. නමුත් මම දැං මේ ලෝකෙ ඉන්න නිසා වැඩ කරන්න ඕන මම කියල කෙනෙක් නැති වුනාම ලොකයට අඩුවක් දැනෙන විදියට.
3. මම මහ බොරු කාරයෙක්ද?
ඔව් ටිකක් විතර බොරුත් කියන්න ඕන. නමුත් ඒ බොරු නිසා කවුරුවත් අඩන්නෙ නැතිව සතුටු වෙන්න ඕන.
5.මම කාලකණ්ණියෙක්ද? (කාලය+කන්නා)
ජීවත් වෙනවා කියන්නෙත් කාලකණ්ණිකමක් තමයි. ඒත් ඒ කාලකණ්ණිකමෙන් තමාට වගේම අනුන්ට(සියලු සත්වයන්ට) ප්‍රයොජනයක් වන දෙයක් කරන්න ඕන.
6.මම පිස්සෙක්ද?
වෙන්න පුලුවන්, මොකද පිස්සෙක් කවදාවත් තමන් පිස්සෙක් කියල පිළිගන්නෙමනෑ. ඒක නිසා අනුන්ට පිස්සුයි කියන්න කලින්, මම, මම ගැනත් හිතන්න ඕන.
7.මම ආත්මාර්ථකාමීයෙක්ද?
ඔව්. එහෙම වුනේ නැති වුනොත් ඇදගෙන ඉන්න රෙද්දත් ගලවගෙන යන විදියෙ සමාජයක් තමයි තියෙන්නෙ.
8.මම හොද යාලුවෙක්ද?
ඔව් මාත් එක්කල තරහම තරහ අයටත් මම හොදම හොද යාලුවෙක් වගේම මාත් එක්ක යාලු නැති අයටත් මම හොද යාලුවෙක්.
9.මම බොනවා(සැර ජාති)?
නෑ - බොන අය ලග ඉන්න කොට ඒ අයගෙ බයිට් කෑවට, ඒ ගැන කතා කරන්නවත් මම කැමති නෑ.
ඔව් - ඔව් බොනව තමයි, හැබැයි කාටවත් කරදරයක් නෑ. මගේ පාඩුවෙ මම ඉන්නවා
10.මම මැරුනොත්?
මම ගැන හොද මතකයන් පමණක් අන් අයට හැකි සැම විටම ලබාදෙනවා.
මොකද එතකොට අද, මේදැං මැරුණත් හිතට සැපයි.
ගොඩක් වෙලාවට අපි කරන්නෙ අනුන්ට ප්‍රශ්න හදල දෙන එක, නැත් නම් කොහෙවත් යන ප්‍රශ්න තමන් පිට දාගන්න එක, ප්‍රශ්නවලින් බේරිල පැනල යන එක, ප්‍රශ්න වලට බොරු උත්තර බදින එක, ප්‍රශ්න හංගල ප්‍රශ්න නෑ වගේ සමාජයට පෙන්න ජීවත් වුන එක, අනුන්ගෙ ප්‍රශ්නවලට උත්තර බැදපු එක..........
වගේ දේවල්නේ, ඉතිං උඩ තියෙන ප්‍රශ්න ඔයා ඔයාගෙන්ම අහල වෙනසක් දැනුන නම් විතරක් comment කරන්න.
ජය වේවා.....
-$®¡ Lanka-
Previous
Next Post »