ආශ්චර්යා සහ යසපාල
(මෙය සත්‍ය සිදුවීමකි - හැබැයි මෙහි එන නම් ගම් සියල්ලම මනඃකල්පිතයි හොදේ...)
ඇය ආසියාවේම ආශ්චර්ය නොවේ, ඇය අපේ ගමේ ආශ්චර්යයයි. ඇය අපේ ගමට පැමිණ මේ වනවිට අවුරුදු කීපයක්වේ. මින්පෙර මා කිසි දිනක ඇයවන් ලදක් දැක නැත. ඇගේ ගමන් විලාසයට සහ කථා විලාසයට මා පමණක් නොව ගමේ අපි සෑම දෙනාම අාසා කලෙමු. ඒ තරමටම ඇය මිහිරිය, සුපුමාලයි, සිත් වශී කරයි.
ඇය පොඩි ළමයිටත් හරිම ආදරෙයි. පොඩි ළමයි උඩ දමමින් හුරතල් කිරීමට ඈ ආසා කරයි. තම පවුලේ දියුණුව ගැනම සිතා කටයුතු කරන ඇය සෑමදාම මහන්සිවී වැඩ කරයි. සෑම පෝයකටම සීල සමාදන් වීමට ඇය අමතක නොකරයි.
ගමේ ඇය ගැන යම් යම් කට කථා පැතිර ගියත්, ඈ ගම තුළ ගොඩනගාගෙන තිබූ ප්‍රතිරූපය නිසා එම කට කථා කවුරුවත් විශ්වාස කලේ නැත.
පොලොන්නරුවේ ජීවත්වූ ආශ්චර්යාගේ ලගම හිතවතෙක් වූ යසපාල අයියා කවදාවත් නැතුව ආශ්චර්යා බලන්නට ගමට ආවේය. ඔහු ඉතා හොද පුද්ගලයෙක් යැයි අප අසා තිබුණි. ඔහු සැබවින්ම මෛත්‍රී සහගත පුද්ගලයෙක් ලෙස අපි හදුනගෙන තිබුණි.
ඔහු පැමිණි දිනම රාත්‍රියේ පිටව ගොස් තිබුණි. එහෙත් පසු දින පැමිණ ගමේ අයගෙ බඩ කට පිරෙන්න ආශ්චර්ය අක්කගෙ ඇත්ත තත්වෙ ගමටම ඇහෙන්න කිව්වේය. එදන් පටං ආශ්චර්යා අක්කා සිටියේ මල පැනලාය. ඇය ලොකයාගෙන් සගවා ගෙන සිටි තම රහස් සියල්ලම එක වරම ඈ නොසිතූ මොහොතක තමාගේ ලගම හිතවතෙක් හෙලිකිරීම නිසා ඇය ඔහු ගැන වෛරී චේතනාවක් ඇති කරගෙන සිටියාය. ඔහු ආපු දවසෙ රෑ ආශ්චර්යලත් එක්ක ආප්පත් කාපු බව ආශ්චර්ය පස්සෙ කිව්වා.
ඇත්තටම යසපාල අයියා ආශ්චර්යා ගැන කලකිරී සිටි පුද්ගලයෙක්ය. මොකද ඇය පිටතට පෙන්වන ප්‍රතිරූපය ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වූ ප්‍රතිරූපයකින් ඇතුලතින් කටයුතු කිරීම මෙයට හේතු වන්නට ඇත.
තමුත් මේ වන විට, ඔහු ඇයගෙන් එම සිදුවීම සම්බන්ධයෙන් සාමාව ගෙන සිටී. ඉදිරියේදී දෙදෙනා බදින්න ඉන්නවැයි කියල කට කථාවකුත් මේ වන විට ගම පුරා අසන්නට ලැබේ.
$®¡ Lanka
Sign up here with your email

ConversionConversion EmoticonEmoticon