අවංක ආදරයක් සොයන ඔබ සදහාමයි,

අවංක ආදරයක් සොයන ඔබ සදහාමයි,

 
අපි සෑම දෙනාම මෙලොව එලිය දුටුවෙ අවංක ආදරයක් සමඟයි. ඒත් අද වෙනකොට එම අවංක ආදරය අත්හැරල, මිරිගුව පසුපස යන්නාක්සේ නමට පමණක් සීමාවූ ආදරයන් පසුපස වෙහෙසමෙින් ගමන් කිරීමට ගොඩක් දෙනෙක් පෙළඹී සිටිනවා. ඒක නම් තමන් තමන්ටම කරගන්නා වූ මහා පාප කර්මයක් වගේම මහා කාලය නාස්ති කිරීමක් සහ මුදල් නාස්ති කිරීමක්.

ඔය මොන ආදරේ පුසුපස ගියත් කමක් නෑ. අපි ආදරේ කරත් නැතත්, අපිට ආදරේ කරන රත්තරං දෙමව්පියො දෙන්නා නම් කවදාවක් වත් අමතක කරන්න එපා. පව්.....
අම්මාගේ ආදරය උණුසුම අපට ගොඩක් දුරට පේනව දැනෙනවා. ඒත් තාත්තගෙ ආදරය උණුසුම එහෙම දැනෙනව, පේනව අඩුයි. ඒත් අම්මටත් වඩා අපිට හිත යටින් ආදරේ කරන්නෙ අපේ ආදරණීය තාත්ත තමයි. තාත්ත වැඩි ආදරයක් අපිට පෙන්නන්නෙ නැත්තෙත් අපිට ආදරේ වැඩි නිසාම තමයි. මොකද වැඩි ආදරේ පෙන්නුවහම දරුවො බලනව ඒක වාසියට හරව ගන්න. අන්න ඒක තාත්ත හරියටම දන්න නිසා, අපිව යහ මගට අරගෙන අපිව හදා ගන්න තමයි එහෙම කරන්නේ.
ඒවගේම අපි හොදට දන්න දෙයක් තමයි, අම්මව ඕන ප්‍රශ්නෙකදි ශේප් කරගන්න පුලුවන්. ඒත් තාත්ත එහෙම ලේසියෙන් බෑ. මාර අමාරුයි ගැලවෙන්න. තාත්ත එහෙම කරන්නෙ අපේ හොදට මිස අපිත් එක්ක තියෙන තරහකට නෙවයෙි කියල දරුවො දැන ගන්න ඕන.
ඉලන්දාරි , ලමිස්සි උනාම දෙමව්පියො කියනදේ එක කනකින් අහල එවලේම අනිත් කනෙන් පිට කරන පුරුද්දක් එනව. ඒකට දොස් කියන්නත් බෑ... මොකද ඒක වයසෙ වැරද්දක්. ගොඩක් දුරට වැඩිපුරම විශ්වාස කරන්නෙ තමන්ගේ යාලුවො කියනදේ විතරමයි. හැබැයි පුතෝ... දුවෝ.... වැරදිච්ච වෙලාවට ඔය යාලුවොයි කියන ඈයො එකෙක්වත් නෑ, (වැරදිච්ච වෙලාවට දාල යන්නෙ නැති හොද යාලුවොත් ඉන්නව, හැබැයි බොහෝම ටික දෙනයි හොදේ. ඒඅය හොදට අදුර ගෙන ආශ්‍රය කරන එක ඔය කාගෙ කාගේත් ඇගට ගුණයි.) ඉන්නෙ අපේ රත්තරං දෙමව්පියො දෙන්නා විතරමයි. එතකොට ලැජ්ජ නැතුව ඕනෑම වෙලාවක උදව්වක් ඉල්ල ගන්න පුලුවනුත් මේ දෙවිවරු දෙන්නගෙන් විතරමයි. ඒ වෙලාවට බැහැයි නොකිය අපට උදව් කරන්නෙත් මේ දෙන්නාම විතරයි.
ඒක නිසා හැකි සෑම වෙලාවකම ඔවුන්ට සලක්න්න, ඔවුන් කියනදේ අහන්න, ඔවුන්ට ආදරේ කරන්න, ඔවුන්ට ගෞරව කරන්න සහ ඔවුන්ව සිහි කරන්න.
කවදාවත් වරදින්නෙ නෑ...........
ගොඩක් අයගෙ අම්ම තාත්ත දෙන්නාම මේ වෙනකොට ඉන්නව වෙන්න පුලුවන් එහෙම නැත්නම් එක් කෙනෙක් හෝ ඉන්නව වෙන්න පුලුවන් වගේම දෙන්නම නැතිවෙන්න පුලුවන්. එහෙම නැත්නම් කවමදාකවත් එක් කෙනෙක් හෝ දෙන්නාම දැකල නැති වෙන්නත් පුලුවන්. ඒත් අපි හොදටම දන්නව අපිට අපේම කියල දෙමව්පියො දෙනෙක් හිටිය නිසා තමයි අපි මෙතන මෙහෙම ඉන්නෙ කියල. කවදාවත් ඒ අයට ශාප කරන්න එපා. මොකද එහෙමකරනවා නම් ඒක අපිටම කරගන්න ශාපයක්.
මෙන්න මේ හේතු නිසා අද ඉදන් වත්, ඒ අය අප තුලින් බලාපොරොත්තු වූ හෝ බලාපොරොත්තු වන සතුට ලබාදෙන්න උත්සාහ කරන්න.
මට නික්න් ඉන්න බැරුවට මෙහෙම ලියනව කියල ඔයාලට හිතෙන්න පුලුවන්, කමක් නෑ. හැබැයි මේ මම කියපුව ඔයා දැන්ම තේරුම් ගත්තෙ නැතොත්, ඔයාලත් මවක් හෝ පියෙක් වුන දවසට තේරෙවි. ඔයාලට කොච්චර දුකක් දැනේවිද තමන්ගේම දරුවො තමන්ට පිටුපාන විට.
මොහොතක් සිතන්න.
ඔබ සැමට ජයෙන් ජයම වේවා......
$®¡ Lanka
Previous
Next Post »