Happy New Year

 Happy New Year



$ පසුගිය ජනවාරි 1 වෙනිදට ඔයාට කීදෙනෙක් Happy New Year කියල එව්වද?
$ ඔයත් කීදෙනෙක්ට Happy New Year කියල යැව්වද?
ඔව් මම දන්නව, ඔයා ගණන් කර ගන්නවත් බැරි ප්‍රමාණයකට HNY messages යවලත් ඇති ඒ වගේම ප්‍රමාණයක් ලැබිලත් ඇති.
ඒ msg වලින් 99.99% ක්ම නිකන් අයාලේ රැල්ලට වගේ ගසාගෙන ආපු සහ යවපු messages ටිකක් විතරයි.
පණ්ඩිත සිංහල වචන දාල, පොෂ් ඉංගිරීසි වචන දාල තරු, මල්, හාට්ස් සහ තව දන්න කියන කැටයම් ඔක්කොම දාල msg එකක් හැදුවයි කියමුකො. එහෙම නැත්නම් කොහෙන් හරි msg එකක් උස්සල මහන්සි වෙලා edit පාරක් දාල හැදුවැයි කියමුකො.
තව මේ msg එකට ගොඩාක් වටින දෙයක් අඩුයි,
ඒ තමයි ඔයාගෙ හදවතින්ම එන ඔයාගෙ ගුණ සුවඳ.
අන්න ඒකෙන් ඩිංගිත්තක්වත් මතක ඇතුව දාන්න. එතකොට තමයි ඔයා ඒ මහන්සි වෙලා හදපු හෝ කොහෙන් හරි උස්සල ඔයා ගොඩක් මහන්සිවෙලා Edit කරපු ඒ msg එකට නියම අරුතක් ලැබෙන්නෙ. ඒක කාටවත් නොපෙනෙන්න පුලුවන්, ඒත ඔයාට ඒක හොදටම පේනව. ඒ හොදටෝම ඇති.
මම මේ කියපු විදියට එක HNY msg එකක්වත් හදල අඩුම තරමෙ ඔයා ආසම කරන එක් කෙනෙක්ට යවන්නකො. ඒ msg එකට Reply ආවත් නාවත්, ඔයාගෙ හිතට මාරම මාර සතුටක් දැනේවි ඒක යවපු මොහොතෙම. ඒක මම මෙහෙම කිව්වට ඔයා පිළිගන්නෙකන් නෑ. මේක කරලම බලන්න ඕන. අන්න ඒ සතුට අපි 2016-01-01 වත් අත්විදිමු.
එතකන් මෙන්න ඔයාට මගෙන්,
Happy New Year ! වගේම
Happy New Month !
Happy New Week !
Happy New Day !
Happy New Hour !
Happy New Minute !
Happy New Second !
මොකද අපි හැම මොහොතක්ම Happy New කර ගන්න ඕන. එයයි මෙහි නියමමමමමමමමමමමමම අරුත.
ඔබට ජයෙන් ජයම වේවා......
$®¡ Lanka
Previous
Next Post »